Tuesday, July 31, 2018

භාවනා කිරීම


1) සුඛාසනයෙන් හෝ පද්මාසනයෙන් වාඩි වෙන්න.
ඔබත් බිත්තියත් අතර අඩියක්‌ පමණ පරතරයක්‌ තිබෙන පරිදි උතුරු දෙසට හැරී වාඩි වෙන්න. රුපියලේ කාසියක ප්‍රමාණය ඇති කළු පැහැති තිතක්‌ (ලපයක්‌) සාදා එය ඔබේ ඇසට හරි කෙලින් සිටින ලෙස බිත්තියේ එල්ලන්න.
හරි කෙළින් වාඩි වී කළු ලපය දෙස වුවමනාවෙන් බලන්න. ඇස වෙහෙසවන පරිදි නොව සාමාන්‍යයෙන් බලන ලෙස ඇස පිය නොහෙළා බලන්න. කඳුළු ගැලුවොත් කඳුළු ඉවත් වන ලෙස ඇස පිය හෙළා නැවත කළු ලපය දෙස බැලීම අරඹන්න. මේ ලෙස විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ අතර කාලයක්‌ දිනපතාම කරන්න. විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ දක්‌වා වේලාවක්‌ කඳුළු නොසලා ඇසිපිය නොහෙළා එක දිගට බලා සිටිය හැකි වුවහොත් හෝ ඔබේ ඇස්‌ දෙක හා කළු ලපය අතර නොකැඩුණු ආලෝක ධාරාවක්‌ ඇති බව ඔබට පැහැදිලි වුවහොත් හෝ කළු ලපය මත ඇති ආලෝකය නිසල වුවහොත් හෝ ඔබේ ව්‍යායාමය සම්පූර්ණ වී ඇති බව ඔබට පිළිගත හැකිය.
මූලික ව්‍යායාමය
මහපටඟිල්ලෙන් දකුණු නාස්‌ පුඩුව වසන්න. වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගන්න. වාතය ඇතුළත නොරඳවා ගෙන එක්‌ වරම දකුණු නාස්‌ පුඩුවෙන් පිට කරන්න. නැවත වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන එය දකුණු නාස්‌ පුඩුවෙන් පිට කරන්න. මේ ලෙස හත් වරක්‌ වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන ඇතුළත රඳවා නොගෙන දකුණු නාස්‌ පුඩුවෙන් හුස්‌ම පිට කරන්න.
මෙය සෙමින් ක්‍රම ක්‍රමයෙන් කරන්න. ඉක්‌මනින් නොකරන්න. ඔබට හැකි පමණ මේ ව්‍යායාමය කරන්න. එහෙත් අපහසුතාවෙන් නොකරන්න. ඔබට අපහසුතාවක්‌ නොදැනේ නම් මේ ව්‍යායාමය 28 වතාවක්‌ දක්‌වා (ආශ්වාස 14, ප්‍රශ්වාස 14) දක්‌වා වැඩිකර ගත හැකිය. මේ ව්‍යායාමය කරද්දී හුස්‌ම ඇතුළත රඳවා නොගත යුතුය. මේ ව්‍යායාමය අඩුම වශයෙන් දිනකට 3 හෝ 4 වතාවක්‌ ආහාර ගත් විගස හැර ඕනෑම වේලාවක කළ හැකිය. හත්තයෝග ප්‍රදීපිකාවේ මේ ව්‍යායාමය භාෂ්රික යයි නම් කර ඇත. මේ ව්‍යායාමය සතියක්‌ කරන්න.
2) දැන් ප්‍රාණයාමය ආරම්භ කරන්න.
ප්‍රාණයාමය කළ යුත්තේ අලුයම් වේලෙහි හා හිරු බැස යන සවස්‌ භාගයේදීය.
ව්‍යායාමය
මෙම ව්‍යායාමය කොටස්‌ තුනකින් සමන්විතය. හුස්‌ම ගැනීම, රඳවා ගැනීම හා හුස්‌ම හෙළීම යනුවෙනි. දකුණු නාස්‌ පුඩුව මහපටඟිල්ලෙන් වසා ගන්න. ඔබේ පෙනහළු වාතයෙන් පිරෙන තුරු වම් නාස්‌ පුඩුවෙන් ඉතා සෙමින් හුස්‌ම ඇතුළට ගන්න. මේ ලෙස තත්පර පහක්‌ හුස්‌ම ඇතුළට ගෙන ඉන්පසුව තත්පර දහයක්‌ හුස්‌ම ඇතුළත රඳවා ගන්න. මෙසේ කිරීමෙන් තත්පර පහක්‌ ඇතුළත රඳවා ගැනීමත් තත්පර පහක්‌ පිටත හෙළීමත් සිදුවේ. මෙය ඔබේ ව්‍යායාමයේ පළමු අවධියයි. ඔබ ආශ්වාස කරන විටත්, ප්‍රාශ්වාස කරන විටත් "ඕම්" ශබ්දය ඒ තුළින් නිපදවීම ගැන සිතමින් මෙය කරන්න. ඔබ තුළින් "ඕම්" ශබ්දය නිකුත් වේ දැයි සොයා බැලීමට උත්සාහ කරන්න. ඔබේ සිත හැකිතාක්‌ දුරට එම ශබ්දය කෙරෙහිම රඳවා තබා ගැනීමට උත්සාහ කරන්න. තරමක පුහුණුවීමකින් පසුව ඔබට පළමු අවධිය සම්පූර්ණ කළ හැකි වේ. ඉන් පසුව දෙවැනි අවස්‌ථාවට යැමට උත්සාහ කරන්න.
3) දෙවැනි අවධිය
හුස්‌ම ගැනීම, රඳවා ගැනීම, හුස්‌ම හෙළීම සඳහා ගතකරන කාලය වැඩිකරන්න. හුස්‌ම ගැනීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ගත කරන්න. ඇතුළත රඳවා ගැනීමට තත්පර පහළොවක්‌ පමණ ද හුස්‌ම හෙළීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ද ගතකරන්න. කිසිම විටෙක ඉක්‌මන් නොවන්න. ක්‍රම ක්‍රමයෙන් කාලය වැඩි කරන්න. සති දෙකක පමණ කාලයකදී ඔබට මේ අවස්‌ථාවන් සම්පූර්ණ කර ගත හැකි වනු ඇත. "ඕම්" ශබ්දය කෙරෙහි සිත සමාධි ගත කිරීම (රඳවා තබා ගැනීම) ප්‍රාණයාම ව්‍යායාම්වල සෑම අවධියකදීම අවශ්‍යය.
4) තෙවැනි අවධිය
ක්‍රමික පුහුණුවීම් මගින් අවශ්‍ය කාලය වැඩිකර ගැනීමේ යෙදෙන්න. ඔබට තත්පර දහයේ සිට තත්පර පහළොවක්‌ අතර කාලයක්‌ තුළ දී හුස්‌මගත හැකි නම් තත්පර පහළොවේ සිට විස්‌ස අතර කාලයක්‌ හුස්‌ම රඳවා ගත හැකි නම් ඔබ තෙවැනි අවධිය ද සම්පූර්ණ කළ බව සැලකිය හැකිය. දෙවැනි අවධිය සම්පූර්ණ කර සතියකින් හෝ බොහෝ විට සති දෙකක්‌ තුළ දී ඔබට තෙවැනි අවධිය සම්පූර්ණ කළ හැකි වෙයි. මේ අවධියේ ඔබේ නහරවල යම් සෙලවීමක්‌ ඔබට දැනෙනු ඇත. එහෙත් නොනවත්වාම මේ ව්‍යායාමයේ යෙදෙන්න.
5) සිවුවැනි අවධිය
හුස්‌ම ගැනීමට, රඳවා ගැනීමට, හෙළීමට ගතකරන කාලය තවදුරටත් වැඩි කරන්න. හුස්‌ම ගැනීමට තත්පර තිහක කාලයක්‌ ද රඳවා ගැනීමට විනාඩි එකක (තත්පර හැටක) කාලයක්‌ ද හුස්‌ම හෙළීමට තත්පර තිහ දක්‌වා කාලයක්‌ ද ගත කරන්න. මෙවැනි ප්‍රාණයාමයක්‌ කිරීමට විනාඩි දෙකක පමණ කාලයක්‌ ගත වේ. ඔබට හුස්‌ම ගැනීමට තත්පර තිහකුත් රඳවා ගැනීමට විනාඩි එකකුත් හෙළීමට තත්පර තිහකු=ත් ගත කළ හැකි වූ විට ඔබ මේ අවධියත්a සම්පූර්ණ කළ බව සැලකිය හැකිය.
ඔබ මේ සියලු අවධි ඔබේ ස්‌ථිර හා විධිමත් පුහුණුවීම් මගින් සම්පූර්ණ කළ විට ඔබට ඔබ තුළම පුදුම සහගත වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනු ඇත. ඔබේ මුහුණ පැහැපත් වනු ඇත. ඔබේ චරිත ස්‌වභාවයේ ආකර්ෂණ ශක්‌තියක්‌ ඇතිවනු ඇත. ඔබේ කටහෙඩේ අනුන් වසඟ කර ගැනීමේ ශක්‌තියක්‌ ඇති වනු ඇත.
ඔබේ දෙනෙතෙහි ආකර්ෂණ ශක්‌තියක්‌ දිස්‌වනු ඇත. මිනිසුන් ඔබ කෙරෙහි වසඟ වනු ඇත. දැන් ඔබට අන් අය මෝහනය කළ හැකි වනු ඇත. ලෙඩ රෝග සුව කිරීමේ කලාව (Art of healing) ඔබට ප්‍රගුණ කළ හැකි වනු ඇත. මේ ව්‍යායාම් කරන අතරතුර ඔබේ ආහාර පුරුදු ගැන සැලකිලිමත් විය යුතුය. කිරි මෝරු (Butter - Milk) සහ පලතුරු වැඩි වශයෙන් ගත යුතුය. ගම්මිරිස්‌, තෙල් කෑම, මස්‌, ඇඹුල් වර්ග වලින් වැළකිය යුතුය. හැකිතාක්‌ දුරට බ්‍රහ්මචාරීව විසිය යුතුය.
උසස්‌ ව්‍යායාම
1 වැනි ව්‍යායාමය :-
ඔබේ මේසය ඉදිරිපිට පුටුවක වාඩිවන්න. ඔබ ඉදිරියෙන් කැඩපතක්‌ තබාගෙන ඔබේ ඇහිබැම දෙස බලා සිටින්න. ඇසිපිය නොහෙළා බලා සිටින්න. එහෙත් ඔබේ ඇස්‌ දෙස නොබලන්න. ඇසට කඳුළු එන විට ඒවා ඉවත් වන සේ ඇසිපිය හෙළා නැවත බලා සිටින්න. ඔබට ඇසිපිය නොහෙළා ඇහිබැම දෙස විනාඩි විස්‌සක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ බලා සිටිය හැකි නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කළ ලෙස සලකන්න.
ඔබ මීට පෙර කළ ව්‍යායාමය සම්පූර්ණ කර තිබේ නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කිරීමට ඔබට ගත වන්නේ ටික දිනකි. සඳ ඇති රැයක සඳ දෙස බලා සිටීමෙන් හෝ ඔබට මේ ව්‍යායාමය සම්පූර්ණ කළ හැකිය. මේ ව්‍යායාමය මගින් ඔබේ ඇස්‌ පෙනීම දියුණු වේ. ඔබේ ඇස්‌වල ආකර්ෂණ ශක්‌තියක්‌ (අනුන් තමා වෙත ඇද ගැනීමේ ශක්‌තියක්‌) ඇති වේ.

Wednesday, July 11, 2018

කාලය

1. කෙතරම් පසුතැවුනද අහිමි වූ කාලය නැවත පැමිණෙන්නේ නැත
අපතේ ගිය කාලය වෙනුවෙන් පසුතැවීම කාලය අපතේ යැවීමකි.

2. මුදල් වලට වඩා කාලය වටී
ඔබ ඔබේ කාලය වැය කරන්නේ කා වෙනුවෙන්දැයි හොඳින් සැලකිලිමත් වන්න. කාලය අපතේ යැවීම මුදල් අපතේ යැවීමට වඩා අපරාධයකි.

3. විටෙක එය ජීවිතය හා සමාන වේ
කාලය යනු ජීවිතය මැනීමට භාවිතා කරනා එක මිනුම් දණ්ඩකි. කාලය අපතේ හැරීම යනු ජීවිතය අපතේ හැරීමකි. 

4. සමහරුන් ජීවිතේ කවදාවත් හඳුනාගන්නේ නැති
මිනිසුන් වූ අපට ජීවත්වීමට ඇත්තේ කෙටි කාලයකි. ඒ කෙටි කාලයද බොහෝ දෙනා නොවැදගත් දේට වියදම් කර විනාශ කර ගනිති.

5. මිනිසුන් එති යති, ඒ හැටිය
සමහර මිනිසුන් වලාකුළු වැනිය. අපට දුෂ්කර කාලයක් උදාකළ ඔවුහු අපේ ජීවිත වලින් ඈත් වූ කල්හි උදාවන්නේ සුන්දර දවසකි.

6. එවන් කාලයක් ජීවිතයට සමානය
ඔබ කාලය අපතේ යැවීම නිසා සතුටට පත්වී නම් ඔබේ කාලය අපතේ ගොස් නැත.

7. කවදාවත්…
අපතේ ගිය කාලය නැවත කිසිදින හමුවන්නේ නැත.

8. සිනහවත් ජීවිතය හා සමාන වේ
සිනහවෙන් තොර වූ දිනයක් යනු කාලය අපතේ යැවීමට කියනා තවත් නමකි.

9. එවැනි මිනිසුන් ජීවිතය පැමිණීමත් දුකකි

ඔබට ආදරයෙන් නොසලකන පුද්ගලයින් වෙනුවෙන් ඔබේ කාලය මිඩංගු කිරීමෙන් වළකින්න.

10. අප බොහෝ දෙනෙක් එවැනි වේ
බොහෝ මිනිසුන් තමා සතුව නැති මුදල් වියදම් කර, තමන්ට අනවශ්‍ය දෑ මිලදී ගෙන, ඔවුන් කැමති නැති මිනිසුන් පුදුම කර කාලය කාදමති.






මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද..?


කාලතරණයේ අභිරහස් කතාවක් මෙන්න

කාලය හරහා ගමන් කිරීම බොහෝ වසර ගණනාවක සිට ලෝකය පුරා කතාබහට ලක්වූ මාතෘකාවකි. මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද යන්න බොහෝ විවාදයන්ට බඳුන්ව ඇත. කාලය හරහා ගමන් කිරීම සිදුවිය හැකි සංසිද්ධියක් බවට බොහෝ මත ඉදිරිපත් වී ඇත.

මේ මතය ඉදිරිපත් කරන අය ඔවුන්ගේ මතය සනාථ කිරීමට විවිධ කරුණු ඉදිරිපත් කරති. ඒ අතර ඡායාරූප ප්‍රධාන වේ. අතීතයේ සිට මේ දක්වා විවිධ අද්භූත ඡායාරූප ප්‍රසිද්ධියට ලක්වී ඇති අතර සමහර ඡායාරූපයන්ට පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට පවා අපහසු වී ඇත්තේ ඒවායේ ඇති අත්භූතජනක බව නිසාමය. මේ සමහර ඡායාරූප කාල තරණයට සාක්ෂි ලෙස යොදා ගැනේ.


1940 ගණන්වලදී පාලමක් විවෘත කරන අවස්ථාවක ලබාගත් ඡායාරූපයක එක්තරා පුද්ගලයෙක් අව්කණ්ණාඩි පැලඳ ටී-ෂර්ට් එකකින් හා ජැකට්ටුවකින් සැරසී සිටිනු දක්නට ලැබේ. මෙහි සිටින අනෙක් සියලු පුද්ගලයන් පැරැණි තාලයේ ඇඳුම්වලින් සැරසී සිටින අතර මේ පුද්ගලයා පමණක් අසාමාන්‍ය ලෙස දිස්වේ.

පුදුමයට කරුණ නම් එකල අව් කණ්ණාඩි භාවිතයක් නොතිබීමයි. මේ සියලු කරුණු අනුව එම පුද්ගලයා අනාගතයෙන් පැමිණි අයකු සේ සැලකේ. එසේම වසර 1928දී තිරගත වූ චාලි චැප්ලින්ගේ චිත්‍රපටයකට කාන්තාවක් ජංගම දුරකතනයක් වැනි යමක් කන තබාගෙන සිටින අයුරු දැක්වෙන දර්ශනයක් ඇතුළු වී තිබේ.

ජංගම දුරකතන පිළිබඳව අදහසක් හෝ නොමැති එවැනි අතීත වකවානුවක මේ දර්ශනයේ සිටින්නේ අනාගතයෙන් පැමිණි අයකු බවට මත පළවී තිබේ. එසේම වසර එක්දාස් නවසිය තිස් ගණන්වලදී කර්මාන්ත ශාලාවක සේවයෙන් පසු පිටතට ගමන් ගන්නා කාන්තාවන් පිරිසක් ඡායාරූපයට නඟා තිබිණි. ඒ අතරින් එක් කාන්තාවක් ජංගම දුරකතනයකින් කතා කරමින් ඉදිරියට ගමන් කරනු පැහැදිලිව ඡායාරූපයට නැඟී ඇත.

මෙයද කාලතරණයට ප්‍රබල සාධකයක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. මේ සිදුවීම් දෙකම ඇත්තෙන්ම පුදුම සහගතය. මන්ද ජංගම දුරකතන ගැන සිතා හෝ නොමැති යුගයක මේ ඡායාරූප ගෙන තිබීම නිසාය. එසේම වර්ෂ 1800 දී අඳින ලද සිතුවමක පුද්ගලයකු අත සී.ඩී. තැටියක් වැනි යමක්, තිබෙනු දක්නට ලැබීමද අද්භූතජනක සිදුවීමක් ලෙස සැලකේ. එසේම වසර 400ක් පමණ පැරණි සොහොන් බිමක කරන ලද කැණීමකින් නවීන පන්නයේ ස්විස් ඔරලෝසුවකට සමාන භාණ්ඩයක් හමුවී තිබේ. මේ සියලු දේ කාලතරණය සැබෑවක් බවට සනාථ කළ හැකි සාධක බව විද්වතුන් පෙන්වා දෙයි.
කාලතරණය පිළිබඳ ඉතා මෑතකදී වාර්තා වූ සිදුවීම නම් ඇලෙක්සැන්ඩර් ස්මිත් නම් වයෝවෘද්ධ පුද්ගලයෙක් තමා 1981දී කාලතරණය කළ බව ප්‍රකාශ කිරීමයි. ස්මිත් වැඩිදුරටත් පවසා සිටින්නේ ඔහු සී.අයි.ඒ. සංවිධානයේ අතිශය රහසිගත මෙහෙයුමක් වූ කාල තරණ ව්‍යාපෘතියට සම්බන්ධ වූ බවත් එම මෙහෙයුම සාර්ථකව නිම කළ ප්‍රථමයා තමා බවත්ය. ස්මිත් පවසන පරිදි වර්ෂ 1981දී ඔහු කාල තරණය මඟින් අනාගත වර්ෂ 2118ට ගමන් කර ඇත.

සී.අයි.ඒ. සංවිධානය මඟින් දියත් කරන ලද මෙම පර්යේෂණාත්මක අත්හදා බැලීමට තමා සහභාගි වූයේ තම ජීවිතය පවා අවදානමේ දමාගෙන බව ස්මිත් පවසයි. ඔහු පවසන පරිදි ඔහු ප්‍රථමයෙන් අනාගතයට ගොස් ඉන් අනතුරුව අතීතය වෙතද ගමන් කර ඇත. සී.අයි.ඒ. සංවිධානයේ මූලික අරමුණ වූයේ අනාගත ලෝකය පිළිබඳව දැනගැනීම බව ඔහු කියා සිටී.

තමාගේ කාලතරණ ක්‍රියාවලිය සනාථ කිරීමට ඔහු සතුව ඡායාරූපයක් පවතී. ඔහු එම ඡායාරූප මාධ්‍යට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර 2118 දී නගරයක් බවයි. අනාගතයට ගිය අවස්ථාවේ ඡායාරූපයක් ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටට පත්වන අතර එම ඡායාරූපය රජය මඟින් තමාගෙන් ලබාගැනීමට පෙර තමා එහි පිටපතක් ලබාගත් බව ඔහු පවසා සිටී.

ඔහු විසින් මාධ්‍යට ඉදිරිපත් කළ ඡායාරූපය මඳක් බොඳවුණු ස්වභාවයක් දක්වා සිටින අතර ඉතා විශාල කොළ පැහැති අමුතු හැඩයේ ගොඩනැඟිලි පසුබිමෙන් දක්නට ලැබේ. තමා මෙම ඡායාරූපය ලෝකයාට ඉදිරිපත් කිරීමට සුදුසු අවස්ථාව එනතෙක් බොහෝ කල් බලාපොරොත්තුවෙන් සිටි බව ඔහු පවසයි.

ඇලෙක්සැන්ඩර් ස්මිත් වැඩිදුරටත් පවසා සිටින්නේ අනාගතයේ පිටසක්වළ ජීවීන් පෘථිවිය කරා පැමිණෙන බවයි. එසේම සියලු ලෝකවාසීන් පොදු භාෂාවක් ලෙස නව භාෂාවක් කතා කිරීම ආරම්භ කරන බවත් කාලගුණ විපර්යාස අනාගතයේ වඩා දරුණු වන බවත් ඔහු පවසා සිටී. ඔහු වැඩිදුරටත් පවසන්නේ පිටසක්වළ ජීවීන් සිටින බවත් ඔවුන් 21 වැනි සියවසේ මැද භාගයේදී ප්‍රථමවරට පෘථිවියට පැමිණෙන බවය. ඇලෙක්සැන්ඩර් ස්මිත්ගේ මෙම හෙළිදරව්ව ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් විය.

බොහෝදෙනා ඔහුගේ ප්‍රකාශය පිළිගත් අතර සමහරු එය ප්‍රබන්ධයක් යැයි පවසා බැහැර කළහ. කෙසේ නමුත් කාල තරණය පිළිබඳ නැවත කතිකාවතක් මේ නිසා ඇති විය. කාලතරණය සැබෑවක්ද..? අනාගතයේ දියුණු විද්‍යාව ඊට පිළිතුරු සපයනු ඇත.